නිවසේදී විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙක් ඊයේ (27) මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙක්ට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී අති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
(colombotimes.lk)