28 June 2025

logo

ධීවර යාත්‍රා 02ක් අනතුරකට ලක්වෙයි



ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා 02ක් අනතුරකට ලක් වී තිබෙනවා. 

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් බවයි වාර්තා වන්නේ. 

අනතුරින් එක් ධීවරයෙක් මුදවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයන් සිව්දෙනා අතුරුදන්ව තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර වෙනත් ධීවර යාත්‍රා කිහිපයක්ද මේ වන විටත් අතුරුදන් වූ එම ධීවරයන් සිව්දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙලෙස අනතුරට පත් ධීවර යාත්‍රා 02 සිටින ධීවරයන් මුදා ගැනීම සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක්ද යොදවන ලෙස ගුවන්හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා.  

(colombotimes.lk)