රුපියල් මිලියන 50ක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබෙනවා.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ සඳහන් කළේ කැනඩාවෙන් නැව්ගත කරන ලද ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා තිබියදී එම මත්ද්‍රව්‍ය තොග සොයා ගත් බවයි.
හිමිකාරිත්වයක් නොමැති එම ස්පීකරය කැනඩාවේ සිට කුරීයර් සේවාවක් හරහා මෙරටට එවා ඇති බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම මේ වසරේ ජනවාරි 09වනදා මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ඇති වූ සැකයක් හේතුවෙන් මෙම ස්පීකරය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සීවලි අරුක්ගොඩ සඳහන් කළේ දීර්ඝ කාලයක් එහි හිමිකාරිත්වයක් නොමැතිව පැවතීම හේතුවෙන් පසුගිය 25වනදා දැඩි පරීක්ෂාවකට ලක් කළ බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඉදිරියේ මෙම ස්පීකරය විවෘත කර පරීක්ෂා කරන අතරතුර ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 17ක් සොයාගත් බව ඔහු සඳහන් කළා.
එමෙන්ම රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අතර කුෂ් ග්‍රෑම් 862ක් සහ හෂීස් ග්‍රෑම් 4,014ක් වන බවයි.
එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබෙනවා.
(colombotimes.lk)