colombotimes.lk
සිංහල | English

06 May 2024

කොළඹ මාර්ග කිහිපයක වාහන තදබදයක්



කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා තැබෙන බව පොලීසිය නිවේදනය කර තිබුණා.

ඒ අනුව මාර්ග වසා තැබෙන අවස්ථාවල වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අද රාත්‍රී (24) 8.30 පසු කොළඹ කොටුව සිට කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාර, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගය වසා තැබෙන බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් අධිවේගී මාර්ගය පෑලියගොඩ සිට කටුනායක දක්වාත් ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේ වසා තැබෙන බව සඳහන්.

(colombotimes.lk)