colombotimes.lk
සිංහල | English

20 May 2024

ලොක්කන් දෙදෙනෙක් මුදල් කාරක සභාවට කැඳවයි



මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබෙනවා.

සිය ' X ' ගිණුමේ සටහනක් තබමින් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කළා.

වත්මන් වීසා අර්බුදය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ට මෙලෙස කැඳවීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)