ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීවරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මේ අතර තවත් සැකකරුවෙක් ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වන විට ඇල්ල ඔඩිසි ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධව පුද්ගලයන් 03 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)