ඇමරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය පවසනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 10 වනදා නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමින් මේ බව අනාවරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් ඊයේ ප්‍රකාශයට පත්කර ඇත්තේ චීනය සම්බන්ධයෙන් එතෙක් පැවති 20%ක බදු ප්‍රතිශතය නොමැති අගය බවයි.
ඒ අනුව චීනය සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන නවතම බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ යන බව ධවල මන්දිරය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
(colombotimes.lk)