15 April 2025


නාදුනන මළසිරුරු ප්‍රදේශ 02කින් හමුවෙයි



නාදුනන පුද්ගල මළ සිරුරු 02ක් දිවයිනේ ප්‍රදේශ දෙකකදී සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කළුතර සහ කුරුණෑගල යන ප්‍රදේශවලදී එම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

ඒ අනුව කළුතර කැලිඩෝ වෙරළ තීරයට ගොඩගසා තිබියදී කාන්තා මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් පමණක් වන කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
 
මේ අතර කුරුණෑගල ජයන්තිපුර මාර්ගය අසලදී ද තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙක්ගේ මළ සිරුරක් ද සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.

(colombotimes.lk)