09 June 2025


ප්‍රදේශ රැසක අනිද්දා ජල කප්පාදුවක්



ගම්පහ ප්‍රදේශ රැසකට ජුනි 11වනදා පැය 10ක ජලකප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී තිබෙනවා. 

එදින පෙ.ව. 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි. 

පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව සිදු කරන බවයි වාර්තා වන්නේ. 

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)