colombotimes.lk
සිංහල | English

19 May 2024

සරසවි අනධ්‍යන සේවකයින්ගේ වර්ජනය අදත්



වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේදීත් ක්‍රියාත්මක වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා බාහිරව අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර අධ්‍යයන කටයුතු මෙන්ම විභාග කටයුතු ද කල් දැමීමට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ අදාළ ගැටලුවට විසඳුම් යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවයි.
(colombotimes.lk)