colombotimes.lk
සිංහල | English

06 May 2024

කුසල්ගේ සෞඛ්‍යය තත්ත්වය ගැන සුබ බලාපොරොත්තුවක්



ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස් සෞඛ්‍ය තත්ත්වයෙන් සුවය ලබා ඇති අතර ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන තරගයට සුදුසු බව වාර්තා වනවා. 

පකිස්තානයට එරෙහි අවසන් තරගයේදී ලබාගත් විශිෂ්ට ශතකයෙන් පසු මෙන්ඩිස් හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළුණු අතර ඔහුව වහාම රෝහලකට මාරු කළා. 
 
කණ්ඩායම් ආරංචි මාර්ගවලට අනුව, ශ්‍රී ලංකා උප නායකයා සෞඛ්‍ය ගැටලුවලින් සුවය ලබා ඇති අතර ක්‍රීඩා කිරීමට සම්පූර්ණයෙන්ම සුදුසු බවයි වාර්තා වන්නේ. 
 
මීළඟ තරග දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලක්නව් වෙත පැමිණ ඇති හෙයින් ඔවුන්ට ඊළඟ තරගයට පෙර දින පහක විවේකයක් තිබෙනවා. 
 
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟත් ඔක්තෝබර් 21 වැනිදා නෙදර්ලන්තය සමඟත් ලක්නව්හිදී තරග වැදීමට නියමිතයි.
(colombotimes.lk)