එක්සත් ජනපදයේ Utah ප්‍රාන්තයේ ප්‍රාථමික හා මධ්‍යම පාසල්වලින් බයිබලය ආශ්රිත ඉගැන්වීම් ඉවත් කර තිබෙනවා.
ඒ, එම ඉගැන්වීම් තුළින් 'අශිෂ්ඨත්වය සහ ප්රචණ්ඩත්වය' ව්‍යාප්තවන බව පවසමින්.
'King James Bible' නම් බයිබල ග්‍රන්ථය සම්බන්ධයෙන් දෙමාපියෙකු කළ පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන තිබෙනවා.
LGBT අයිතිවාසිකම් සහ වාර්ගික අනන්‍යතාවය වැනි මතභේදාත්මක මාතෘකා පිළිබඳ ඉගැන්වීම් තහනම් කිරීමටද ප්‍රාන්ත වැසියන් අවදානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
මීට අමතරව Utah ප්‍රාන්තයේ රිපබ්ලිකන් රජය විසින් 2022 දී 'කාමුක හෝ අශෝභන දර්ශන' පාසල් පොත්වලින් ඉවත් කිරීමේ නීතියක් ද සම්මත කර තිබුණා.
(colombotimes.lk)