එළැඹෙන ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව ඕනෑම පළාතක, ඕනෑම කෙනෙක්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසි ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගැනීමට හැකියාව පවතිනවා.
එමෙන්ම රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළා.
ඒ හරහා සියලුම රාජ්‍ය සේවා සඳහා ඔන්ලයින් ක්‍රමයට, නිවසේ සිටම ගෙවීම් කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත් 2024 වසරේ මාර්තු 30 වනවිට 100%ක්ම ඔන්ලයින් ගෙවීම් ක්‍රමයෙන් සේවාවන් ලබාදීමට බලාපොරත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සන්ධ්න් කළා.
(colombotimes.lk)