එළඹෙන මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කළහොත් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 2,000ක් දක්වා ඉහළ දමන බව ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු බලය හිමි කම්කරු පක්ෂය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවයි.
ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් රට තුළ දිගුකාලීනව රැඳී සිටීම සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින විරෝධයට පිළිතුරු ලෙස මෑතකාලීනව පත්වූ ආණ්ඩු එම සංක්‍රමණික ආගමනය පාලනය කිරීමට උත්සහ කළා.
ඒ අනුව විදෙස් සිසුන් සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 710ක් ලෙස පැවති වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 1600ක් දක්වා ඉහළ දැමීමට එරට රජය පසුගිය වසරේ ජූලි මාසයේදී පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)