චීන විදේශ අමාත්‍ය Wang Yi සහ පාකිස්ථාන නියෝජ්‍ය අග්‍රමාත්‍ය හා විදේශ අමාත්‍ය Mohammad Ishaq Dar අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
එහිදී කාෂ්මීර කලාපයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානය හා ඉන්දියාව අතර මතුව ඇති උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව පාකිස්ථාන නියෝජ්‍ය අග්‍රමාත්‍යවරයා විසින් චීන විදේශ අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානය අඛණ්ඩව හා දැඩිව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කර ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇති බවයි.
(colombotimes.lk)