ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් අතර විශේෂ හමුවක් අද (28) පවත්වා තිබෙනවා.
ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේදීයි.
එහිදී ප්‍රධාන වශයෙන් පලස්තීනයේ ගාසා තීරයේ වත්මන් යුද්ධ තත්ත්වය සහ යුද්ධය නැවත්වීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සදාකාලිකව යුද්ධයට විරුද්ධ වන බවත් නිදොස් අහිංසක පලස්තීන ජනතාවට අත්වන මරණයන් නැවත්වීමට සියලුම පියවර ගත යුතු බවත් එහිදී අමාත්‍යවරයා කියා සිටියා.