29 April 2025


නුවරඑළියට කාලගුණය දරුණු වෙයි



නුවරඑළිය නගර සීමාවට අද (28) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණය ජලයෙන් වී තිබෙනවා.

ජලය ගලා බසින ඇළ මාර්ග අවහිර වීමත් සමඟ වැසි ජලය ප්‍රධාන මාර්ගය හරහා ගලායෑම හේතුවෙන් නුවරඑළිය නගරයට ප්‍රධාන වශයෙන් පිවිසෙන ධර්මපාල වටරවුම් මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් එහි රථ වාහාන ගමනාගමනයටද දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)