colombotimes.lk
සිංහල | English

19 May 2024

ව්ලැඩිමීර් පුටින් තවත් වසර හයකට දිවුරුම් දෙයි



තවත් වසර හයක ධූර කාලයක් සඳහා පස්වන වරටත් ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ජනාධිපති ලෙස දිවුරුම් දී තිබෙනවා.

'අපි එක්සත් සහ ශ්‍රේෂ්ඨ ජනතාවක්, අපි එක්ව සියලු බාධක ජය ගනිමු, අපි අපගේ සියලු සැළසුම් මල්ඵල ගන්වමු, අපි එක්ව ජයග්‍රහණය කරමු,' ජනාධිපති පුටින් මැති ඇමතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් අමතා ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

2000 වසරේ මැයි මාසයේදී ජනාධිපති පුටින්ගේ පළමු පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු මේ වන විට බොහෝ දේ වෙනස් වී ඇති බව සඳහන්.

එවකට ජනාධිපති පුටින් 'ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සහ සංවර්ධනය කිරීමට' මෙන්ම 'රුසියාව ගැන සැළකිලිමත් වන' බවට පොරොන්දු වී තිබෙනවා.

(colombotimes.lk)