ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළා.
ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් 30වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා මෙන්ඩිස් සමාගම මෙම පෙත්සම ගොනුකර තිබුණා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)