තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වෙන පරිදියි.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (19) සහ ඉදිරි දින කිහිපයේදී බලාරොත්තු වන බවයි.
(colombotimes.lk)