09 May 2025


ජලයෙන් පාසල් වලට රතු එළියක්



අනුමත සීමාවට වඩා ජලය භාවිත කරන පාසල් වලින් ගාස්තු අය කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

පාසල් වලට සපයන ජලය අවභාවිතා වන බව සහ අපතේ යන බවට සමීක්ෂණයකින් තහවුරු වී ඇති බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ මහතා සඳහන් කළා.
 
කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව යුනිට් 400ක ජල ප්‍රමාණයක් පාසලකට ලබා දෙන බවත්, එම ප්‍රමාණයට වඩා ඉක්මවා ගියහොත් එම ඉක්මවා යන ප්‍රමාණය සඳහා ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ඒ මහතා පෙන්වා දෙනවා.
(colombotimes.lk)