තංගල්ල වෙරළට ඔබ්බෙන් වූ බහුදින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයන් දෙදෙනෙක් අතුරුදහන් වී තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ එම අවස්ථාවේ ධීවරයින් 6දෙනෙක් එහි ගමන් කර ඇති බවයි.
එම අනතුරින් ධීවරන් 4දෙනෙක් බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (28) පෙරවරුවේ තංගල්ල ධීවර වරායෙන් රැකියාව සදහා පිටත්ව ගිය 'මැක්සිම් පුතා 01' නැමති බහුදින ධීවර යාත්‍රාව තංගල්ල ආසන්න මුහුදේදී මෙලෙස අනතුරට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)