28 June 2025

logo

AI ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට විශේෂ වැඩමුළුවක්



රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක සඳහන් කළේ කෘත්‍රීම බුද්ධිය භාවිතය මඟින් කාලීන වටිනාකමක් සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බවයි.

(COLOMBOTIMES.LK)