බස් රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල්දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ පැරණි බස් රථ වල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය බවයි.
මෙම තීරණය අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ එම නීතිය ක්‍රියාත්මක විය යුතු වුවද ඊට මැදිහත්වීමට ජාතික ගමනාගමන කොමිසමට බලයක් නොමැති බවයි.
(colombotimes.lk)