03 August 2025

logo

Share Care | අජීර්ණයක් ඇති වුණොත් කළ යුතු දේ



අපි හැමෝටම එක එක විදිහට ලෙඩ ඇති වෙනවා. මොකද ලෙඩ ඇති වීම සාමාන්‍ය දෙයක්නේ. මේ ලෙඩ රෝග අතර අජීර්ණය කියන්නෙත් සිරුරට අපහසුවක් ගෙනෙන රෝගයක්. ඉස්සර නම් මේ වගේ අජීර්ණ හැදුනම සුළු සුළු අත්බෙහෙත් වලින් සුව කරලා තියෙනවා. ඉතින් ඒ නිසා Share Care අද ඔයාලට අජීර්ණයක් හැදුනම කරන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් ගැන කියන්නම්.

 
අජීර්ණය කියන්නේ මොකක්ද
 
අජීර්ණය කියන්නේ ආහාර නිසි පරිදි නොදිරවීම නිසා ඇති වන අපහසුවයි .පිළුණු ආහාර ගැනීම ,කල් ගතවූ ආහාර ගැනීම , කිරි හා මස් වර්ග වැඩිපුර ආහාරයට ගැනීම ,දිවා කාලයේ බොහෝ වේලා නිදා ගැනීම ,රාත්‍රියේ නිදි වැරීම, මල මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වූ විට එසේ නොකර සිටීම, පුරුදු ආහාර වෙනස්වීම, ආහාර දිරවීම වෙනස්වීම ,ආහාර ගැනීමේ වේලාව වෙනස්වීම සහ මානසික හේතු නිසාත් අජිරණ ඇතිවෙන්න පුලුවන්.
 
අජීර්ණයේ ලක්ෂණ
 
- සිරුරේ බර ගතිය 
- මුඛයේ නිතර කෙළ ඇතිවීම 
- කෑම ගත්විට උගුරට ඇඹුල් රස ඒම 
- ඇස් අග ඉදිමීම
 
පිත නිසා ඇතිවන අජීර්ණය
 
- හිස කැරකැවිල්ල 
- අධික පිපාසය 
- අම්ල ගතියට උගුරට ඒම 
- අධික දහඩිය දැමීම 
- ඇඟේ දැවිල්ල ඇති වීම
 
වාතය නිසා ඇතිවන අජීර්ණයේදී
 
- උදර වේදනාව 
- බඩ පිපීම 
- මල මුත්‍ර පිට නොවීම 
- තුනටියේ සහ ඇඟපතේ වේදනාව
 
අජීර්ණය සඳහා ප්‍රතිකාර
 
- සාදික්කා දෙහි ඇඹුලෙන් ගලගා දෙන්න. 
- අමු ඉඟුරු,මුරුoගා පොතු,පොල් හකුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් සාදා වරකට තිබ්බටු ගෙඩියක ප්‍රමාණයට දවසට තුන් වරක් බොන්න. 
- පිත සමනය කිරීමට ඉරිවේරිය, බෙලිමුල්, සැවැන්දරා, එකට තම්බා බීම හෝ වෙන වෙනම ගෙන තම්බා බීමට ගන්න. 
- උණු වතුරට විනාකිරි දමා රෙදි කැබැල්ලක් පොඟවා මිරිකා, උදරය තැවීමද තැවීම සිදු කරන්න. 
- සූදුරු තැම්බූ වතුර බොන්න. 
- සුදුලූනු බික් දෙකක් තුනක් පුළුස්සා කන්න. 
- බෙලිමුල් බික් දෙකක් තුනක් පුළුස්සා කන්න.
 
වළක්වා ගැනීමට උපදෙස්
 
- අජීර්ණයේ මුල් අවස්ථාවේදී දිරවීමට පහසු ආහාරයක් ගන්න. 
- අජීර්ණය ඇතිවු විගසම උණු දිය පානය කරන්න. 
- නියමිත කාලය තුළ නිදාගැනීමටත් අවදිවීමටත් පුරුදු වන්න. 
- ආහාර ගැනීමට පෙර සහ පසු ජලය පානය කරන්න
 
මෙම අත් බෙහෙත් වලට අජීර්ණය වැළැක්වීමට හෝ ප්‍රතිකාර කිරීමට ක්‍රියා කළ හැකි අතර රෝග ලක්ෂණ පැය කිහිපයක් ඇතුළත පහව යා යුතුය. ඔබ මෘදු අජීර්ණය අත්විඳින්නේ නම් මිස ඒවා මත සම්පූර්ණයෙන්ම රඳා නොසිටීම සුදුසුය. අජීර්ණය සති දෙකකට වඩා වැඩි නම්, වහාම වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)