මෙරට 23,000කට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවීම්වල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන්.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුවී ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවයි.
මෙම ස්ථන මාරු ක්‍රියාපටිපාටීන් ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මේ වන විට මතුවී ඇති බවයි.
මේ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් 23,000කගේ පමණ ස්ථාන මාරුවීම් සම්බන්ධව ගැටලු මතුවී ඇති බවත් ශ්‍රේණි වෛද්‍යවරුන් 10,000කට අධික ප්‍රමාණයකගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වී නොමැති බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට 50%කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයක් මේ වන විට රැඳී සිටින්නේ ඔවුන්ට අදාළ රෝහල්වල නොවන බවයි.
(colombotimes.lk)