20 January 2026

logo

යුක්‍රේනයේ පුද්ගලයන් 31දෙනෙක් ජීවිතක්ෂයට



රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයන් 31දෙනෙක් මියගොස් තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් එම පිරිස මියගොස් ඇති බවයි.

එමෙන්ම පුද්ගලයන් 159දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඩ්‍රෝන යානා 300කට වැඩි සංඛ්‍යාවක් සහ මිසයිල 08ක් යොදා ගිනිමින් බවයි. 

(colombotimes.lk)