15 April 2025


වාහන ගෙන්වීමේදී ලොකු අයට ලොකු හැන්දෙන්, පොඩි අයට පොඩි හැන්දෙන් බෙදන බලධාරීන්



වාහන ආනයනය කිරීමට අවසරදීමෙන් පසුව ආනයනය කරන ලද ඇතැම් වාහන නිදහස් කර ගැනීමට තවමත් අවස්ථාවක් ලැබී නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

Toyota Raize Hybrid 1200CC කාර් රථය පුද්ගලිකව සහ වාහන අලෙවිකරන්නන් විසින් ආනයනය කිරීම සිදු කරන විට එම රථය නිෂ්පාදිත රට සහ එහි සමාගම ලිඛිතව සඳහන් කර ඇත්තේ Hybrid රථයක් ලෙසයි.

නමුත් මෙරට අදාළ නිලධාරීන් එය Hybrid රථයක් ලෙස නොපිළිගන්නා අතර ඒ සඳහා නොයෙක් අර්ථකථන ලබාදීමට ඔවුන් උත්සහ දරන බවට තොරතුරු වාර්තා වනවා.  

එමෙන්ම වාහන ගෙන්වීමට අවසර ලබාදීමේදී රේගුව විසින් Toyota Raize වර්ගයේ රථයක් සඳහා සම්පූර්ණ Tax මුදල ලෙස රුපියල් 6,090,000ක් සඳහන් කර තිබෙනවා.

නමුත් මෙම වර්ගයේ Hybrid නොවන 1000CC රථයක මුළු Tax මුදල දැක්වෙන්නේ රුපියල් 4,800,000ක් ලෙසයි.   

රේගු නිලධාරීන් මෙම රථය Hybrid වර්ගයේ රථයක් ලෙස නොපිළිගන්නා නිසා එය නිෂ්කාශනය කිරීමද නවතා දමා තිබෙනවා. කෙසේවෙතත් මෙය රජය විසින් ගත් තීරණ වලට වඩා බොහෝ පරස්පරතා ඇති සිදුවීමක්.

එමෙන්ම රේගු නිලධාරීන් සඳහන් කළේ ජනාධිපති කාර්යාලයෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා උපදෙස් ලැබී නොමැති බවයි.

මේ පිළිබඳව අදාළ බලධාරින් මැදිහත්ව ක්‍රියාත්මක විය යුතු බවටයි පුද්ගලික වාහන ආනයනකරුවන් පවසන්නේ.

මේ එලෙස ආනනයන කිරීමට නොහැකිව තිබෙන වාහන කිහිපයක්,









(colombotimes.lk)