colombotimes.lk
සිංහල | English

05 May 2024

Chef Ceylon | සැමන් ඇඹුල්තියල් හදමු



සැමන් කිව්වම මතක් වෙන්නේ සැමන් තෙම්පරාදුවක්නේ. ඒ වගේම තමයි ඇඹුල්තියල් කිව්වම මතක් වෙන්නේ මාළුනේ. හැබැයි අද කියලා දෙන්නේ සැමන් තෙපරදුවක් හදන්න, මාළු ඇඹුල්තියල් හදන්න නම් නෙමෙයි. එහෙනම් මේ විදියට හදලා කාලා බලන්නකෝ කොහොමද රස කියලා.

 
අවශ්‍ය ද්‍රව්‍ය
 
01) සැමන් ටින් එකක් 
02) රතු ළූණු 
03) අමු මිරිස් 
04) සුදු ළූණු 
05) කරපිංචා 
06) ගොරකා 
07) ගම්මිරිස් ඇට ටිකක් 
08) උළුහාල් 
09) කරාබු නැටි 2/3 
10) අබ ටිකක් 
11) ලුණු අවශ්‍ය පමණට 
12) බැඳපු තුනපහ 
13) මිරිස් කුඩු ටිකක් 
14) කහ අවශ්‍ය පමණට 
15) කුරුඳු පොත්තක්
 
සාදාගන්නා ආකාරය
 
01) සැමන් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කඩා ගන්න. 
 
02) රතු ළූණු, අමු මිරිස්, සුදු ළූණු, කරපිංචා, ගොරකා, ගම්මිරිස් ඇට, උළුහාල් ඇට, කරාබු නැටි, කුරුඳු පොත්තක්, අබ, ලුණු, බැඳපු තුනපහ, මිරිස් කුඩු, කහ මේ ඔක්කොම තලපයක් වෙන්න අඹරගන්න. 
 
03) මේ තලපය, කඩාගත් සැමන් එක්ක මිශ්‍ර කරලා ටික වෙලාවක් තියන්න. 
 
04) මැටි ඇතිලියක් අරන් ඒකෙ අඩියට කරපිංචා කොළ අතුරන්න. 
 
05) කරපිංචා කොළ උඩට සැමන් කෑලි ටික අතුරලා සැමන් කෑලි වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් දාලා මඳ ගින්දරේ හොඳින් පිසගන්න. 
 
06) හොද්ද බොරයක් වගේ වෙද්දි ලිපෙන් බාගන්න. 
 
සැමන් ඇඹුල්තියලුත් මාළු ඇඹුල්තියල් වගේම තමා. රසවත් වගේම ගොඩක් කල් තියාගෙන රස විදින්නත් පුළුවන්. 
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)