colombotimes.lk
සිංහල | English

22 September 2024


නව ජනාධිපතිවරයා කවුද? - පළමු වටයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න



ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහිදී අනුර කුමාර දිසානායක 42.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පෙරමුණේ සිටිනවා.

එමෙන්ම සජිත් ප්‍රේමදාස 32.72ක ප්‍රතිශතයක් හිමි කර ගනිමින් එහි දෙවන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් කිසිඳු අපේක්ෂකයෙක් 50% ඉක්මවා නොමැති බවයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා දෙවන වටයේ මනාප ගණන් කිරීම සිද්දු කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.

 


(colombotimes.lk)