colombotimes.lk
සිංහල | English

22 September 2024


කඩුලු 2ක් අතැතිව නවසීලන්තයට ලකුණු 68ක ඉලක්කයක්



නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4වන දිනය සඳහා අද (22) තරගය නතර කරන විට සිය දෙවන ඉනිමේදී ලකුණු 275ක ඉලක්කයක් හඹා යන නවසීලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 207ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව තරගයේ අවසන් දිනය වන හෙට (23) තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීම සඳහා නවසීලන්තයට තවත් ලබා ගත යුතුව තිබෙන්නේ ලකුණු 68ක් පමණයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ලබා ගනීමෙට නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ දැමිය යුතු වනවා.

අද තරගය නතර කරන විට රචින් රවින්ද්‍ර නොදැවී නොදැවී ලකුණු 92ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලු 3 බැඟින් බිඳ දැමීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2019 වසරේදීයි.

(colombotimes.lk)