20 March 2025


දේශබන්දුට ඇප ලැබෙයිද ? තීන්දුව අද



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (20) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අද පස්වරු 2.00ට මාතර මහේස්ත්‍රාත්වරයා විසින් තීන්දුව ප්‍රකාශ කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ  වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වී තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
 
අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන්ව ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන ගොස් තිබෙනවා.

(colombotimes.lk)