colombotimes.lk
සිංහල | English

02 May 2024

පූටින්ගේ කෝකියා කුලී හමුදා නායකයෙකු වුණ හැටි (VIDEO)



රුසියාවේ පුටින්ට අභියෝග කළ කණ්ඩායමක් ගැන මේ දවස්වල පුවත් වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා. 

විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මේ ප්‍රවෘත්තියට වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා. 
 
මේ කණ්ඩායම හඳුන්වන්නේ වැග්නර් Group කියල. 
 
Colombo Times අපි අද හොයල බලන්නේ මේ වැග්නර් Group කියන්නේ කවුද කියල? 
 
වැග්නර් Group කියන්නේ පෞද්ගලික Militery Company එකක්, සරලවම කියනවා නම් මේක කුලී හමුදාවක්.
 
මේ වගේ Company ලෝකයේ බොහෝ රටවල් වල තියෙනවා. 
 
වැග්නර් Group එක කියන්නේ 2014 ඉඳන් රුසියාවේ ක්‍රියාත්මක වෙන Company එකක්. 
 
මේකේ ප්‍රධානියා විදිහට ඉන්නේ යෙවෙන්ග් ප්‍රිගොසින් Yevgeny Prigozhin කියන පුද්ගලයා. 
 
ඔහු ඉපදිලා තියෙන්නේ 1961 ජුනි 01 සහ ඔහු රුසියානු ජාතිකයෙක්. 
 
රුසියාව, යුක්රේනය, අප්‍රිකානු රටවල් වල, මාලි වගේ රටවල් කිහිපයකම යුද මෙහෙයුම් කටයුතු වල නිරතවෙලා ඉන්නවා. 
 
එතකොට වැග්නර් ප්‍රධානියා වන ප්‍රිගොසින් බොහෝ දෙනා සමාජ මාධ්‍ය වල හඳුන්වල තිබ්බේ පුටින්ගේ කෝකියා කියල. 
 
ඇත්තටම ප්‍රිගොසින් කියන්නේ ආහාර සැපයුම් අංශයේ ව්‍යාපාර වල නිරතවන පුද්ගලයෙක්. 
 
විශේෂයෙන්ම ඔහුගේ ආහාර සැපයුම් අංශ හරහා පුටින් ටත් අහාරපාන සැපයුම් සිදු කරනවා. 
 
ප්‍රභූ පැලැන්තියේ අයට ඔහු ඉතා සමීප සම්බන්ධතා තියෙනවා. 
 
මෙන්න මේක නිසා තමයි සමාජ මාධ්‍ය වල ඔහුට මේ නම පටබැඳිල තියෙන්නේ.
(colombotimes.lk)