03 January 2025


ඇමරිකානු ජනපති සටන අදයි



මුළු ලෝකයේම අවධානයට ලක්වී තිබෙන ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද (05) සිදු වනවා.

මෙරට වේලාවෙන් අද (05) පස්වරු 5.00ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 186කට අධික බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

එරට බලධාරීන් පවසන්නේ මැතිවරණ නීතියට අනුව සිය මනාපය කලින් භාවිතා කිරීමට ඡන්ද දායකයන්ට අවස්ථාව හිමිවීම හේතුවෙන් ඡන්ද දායකයන් මිලියන 75ක් පමණ දැනටමත් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස එක්ව සිටිනවා.

විදෙස් වාර්තාවල සඳහන් වන්නේ මීට අමතරව චේස් ඔලිවර්, ජිල් ස්ටයින් සහ කොර්නල් වෙස්ට් තෙවැනි පාර්ශව සහ ස්වාධීන අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට එක්ව සිටින බවයි.

'Swing state' ලෙස හැඳින්වෙන ඇමරිකාවේ ප්‍රාන්ත 07ක බලය තහවුරු කරගැනීමට ප්‍රධාන අපේක්ෂකයන් පසුගිය මාස කිහිපයේ දැඩි සටනක නිරත වුණා.

(colombotimes.lk)