පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධ කටයුතු පසුගිය 16වනදා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීමේ විශේෂ දින ලෙස අප්‍රේල් 20වනදා සහ අප්‍රේල් 27වනදා යොදා ඇති බවයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අවසන් බෙදීම අප්‍රේල් 29වනදා සිදු කරන බවද එම නිවේදනයේ සඳහන්.
මැතිවරණ කොමිසම වැඩිදුරත් සඳහන් කළේ එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවයි.
(colombotimes.lk)