වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇය පොලිස් නිලධාරීන්ට උදැල්ලකින් පහර දී තිබෙනවා.
බේරුවල - මංගල මාවතේ නිවසක වීසා බලපත්‍ර නොමැතිව චීන ජාතික කාන්තාවක් පදිංචිව සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය අදාළ වැටලීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
මෙහිදී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කලුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වර්තා වනවා.
(colombotimes.lk)