19 April 2025


මඩකලපුව ගුවන්තො⁣ටුපොළට රජයේ ඇස යොමුවෙයි



දැනට පාඩු ලබමින් පවතින මඩකලපුව ගුවන්තො⁣ටුපොළ දියුණු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ප්‍රකාශ කළා.

ඒ ඊයේ (05) මඩකලපුව අන්තර්ජාතික ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ගුවන්තොටුපොළ පරිපාලනය සකස් කර ඇති ඉදිරි සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

එම සැලසුම් පිලිබඳ නිසි ශක්‍යතා අධ්‍යනයක් කර සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)