colombotimes.lk
සිංහල | English

19 May 2024

අධික රස්නය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මග හරවා ගන්න උපදෙස්



මේ දිනවල පවතින සිරුරට දැනෙන අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මග හරවා ගැනීමට මෙම උපදෙස් පිළිබඳව දැඩි අවදානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එම උපදෙස් පහතින්,   

පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම.

වැඩිහිටියෙකු නම් අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් පානය කිරීම.

පිපාසයට ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම.

අධික පාරජම්බුල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බුල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) ඇස් කණ්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම.

පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරන කාලය අවම කිරීම.

සැමවිටම ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම්වලට යොමු වීම.

එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම.

වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.
(colombotimes.lk)