09 May 2025


බංගලාදේශ ජාතිකයන් 1000ක් අත්අඩංගුවට



ඉන්දියාව තුළ නීති විරෝධී ලෙස රැඳී සිටින බංගලාදේශ ජාතිකයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉන්දීය ගුජරාට් පොලීසිය විසින් අද (26) ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

ඒ අනුව අහ්මදාබාද්හිදී පුද්ගලයින් 890ක් සහ සූරත්හිදී 134ක් ලෙසත් 1000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම බංගලාදේශ ජාතිකයන් ව්‍යාජ ලියකියවිලි භාවිතාකර බෙංගාලය හරහා ඉන්දියාවට ඇතුළු වී ඇති බවයි.

(colombotimes.lk)