colombotimes.lk
සිංහල | English

06 May 2024

WATCH VIDEO | ඇමරිකානු තරුණයෙකුට නිවුන් දරුවන් උපදියි



ඒඩන් ඩාර් නම් ඇමරිකානු ජාතික 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවුන් දරුවන් හට උපත ලබා තිබෙනවා.

උපතින් කාන්තාවක් වූ මොහු පසුව සංක්‍රාන්තිලිංගික පිරිමි පුද්ගලයෙකු බවට පත්වී තිබුණා.

නමුත් තමන්ගේම දරුවෙකුට උපත ලබාදීමට ඔහු තුළ ආශාවක් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඔහු හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම තාවකාලිකව නතර කරමින් පවුල් සැලසුම් සායනයකට ගොස් තිබෙනවා.

පරිත්‍යාගශීලියෙක් ලබා දුන් ශුක්‍රාණු භාවිතයෙන් දරුවන් බිහිවූ කළලය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු ගැබ් ගෙන ඇති අතර, අවසානයේ ගැහැණු නිවුන් දරුවන් හට උපත ලබාදී තිබෙනවා.
(colombotimes.lk)