2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් 30දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු 03වනදා සිට අද (28) උදෑසන 6 දක්වා කාලය තුළ එම අපේක්ෂකයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අදාළ කාල සීමාව තුළ පක්ෂ ආධාරකරුවන් 131ක් සහ වාහන 31ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)