පවතින තද වැසි සහ සුළං හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් සහ අතු කඩා වැටීම් 35ක් පමණ වාර්තා වී තිබෙනවා.
කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ඉන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි.
අවදානම් සහිත ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 5ක් යොමු කර ඇති බව කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කළා.