දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14ක පුද්ගලයන් 10,270දෙනෙක් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කලමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපට් කාලගුණයෙන් අර්ධ නිවාස හානි 2,710ක්ද වාර්තා වන බවයි.
මේ අතර ගාල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය අද පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) සිට ක්‍රමයෙන් අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(colombotimes.lk)