17 April 2025


දේශබන්දු ඉවත් කිරීමේ කමිටු යෝජනාව සම්මතයි



වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා.

එහිදී එම යෝජනාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 151ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම යෝජනාවට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිතා නොකිරීම විශේෂත්වයක්.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

(colombotimes.lk)