10 May 2025


උතුරෙන් දෙමළ පොදු අපේක්ෂකයෙක්



එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතව නියෝජනය කරමින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා.

පසුගිය 25 වැනිදා පැවති ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්ධානයේ දිස්ත්‍රික් සංවිධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන අතර ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරණට දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
   
(colombotimes.lk)