10 May 2025


නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ගෙන් CIDයට පැමිණිල්ලක්



කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ සාවද්‍ය පුවත සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් කර ඊට අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍යවරයා සිය පැමිණිල්ල මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.

 
(colombotimes.lk)