නාවලපිටිය ප්‍රදේශයෙන් අත්සන් දස දහසක් ලබා ගැනිමේ වැඩසටහනක් නාවලපිටිය දිස්ත්‍රික් මුලික රෝහල ඉදිරිපිටදී අද (13) දින සිදු කෙරෙණ බව වාර්තා වනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පල කිරිම පිණිසයි.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම අත්සන් ලබා ගැනිමේ වැඩසටහන සංවිධානය කර තිබුණා.
නාවලපිටිය ආසනයෙන් ලබාගන්නා අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව සඳහන්.
අත්සන් ලබා ගැනිමේ වැඩසටහන වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ ජනතාවගේ පූර්ණ සහය ලැබි ඇති බවයි සසංක සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
(Colombotimes.lk)