colombotimes.lk
සිංහල | English

17 September 2024


ඡන්ද පත්‍රිකාවේ වියදම මිලියන 100 ඉක්මවයි



ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් භාගයකින් පමණ වැඩි වන විට එක් අපේක්ෂකයෙක් සඳහා මැතිවරණ කොමිසමේ වියදමද රුපියල් මිලියන 200කින් පමණ ඉහළ යන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අපේක්ෂකයන් වැඩි වන විට ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණ වියදම පමණක් නොව ඔවුන්ට ලබාදෙන නිදහස් තැපෑල, ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු කටයුතු සඳහා වැයවන වියදමද ඉහළ යන බවයි.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණකින් තොරව වෙනත් කාරණා මත අපේක්ෂකත්වය ඉහළ යාම නිසා මෙලෙස වැඩිවන මුදල මෙරට මහජනතාවට දැරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)