ඉන්ධන බෙදුම්කරුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්ධනායක සඳහන් කළේ එම සාකච්ඡාවේදී තම ගැටලුවලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඒ අනුව ඉන්ධන ඇණවුම් නොකිරීමට තෙල් බෙදුම්කරුවන් ගත් තීරණය ඊයේ (03) පස්වරුවේ සිට තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)