14 January 2025


අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්



ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (31) දියත් කිරීමට නියමිතයි. 

ඒ අනුව තෙදින වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා අධි අවදානම් කලාප ආවරණය වන බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ. 
 
රට තුළ අධි අවදානම් කලාප 28ක් හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 
 
අගෝස්තු මාසයේදී ඩෙංගු රෝගීන් 5,004ක් වාර්තා වී තිබෙනවා. 
 
2023 වසරේ මේ දක්වා රට තුළ රෝගීන් 61,687ක් වාර්තා වී තිබෙනවා. 
 
මෙයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 30,147 ක්.
(colombotimes.lk)